ලංකාව ගෙවා ගන්න බෑ කියන්නේ ඩොලර් බිලියන 41ක ණය සොච්චමක්..! – අනුර…

March 3, 2024 at 2:51 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට ගෙවාගත නොහැකිව ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 41ක සොච්චම් ණය මුදලක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“2022 දෙසැම්බර් 30 වෙනිදාට අපේ විදේශ ණය ඩොලර් බිලියන 41 යි. කියන්න එපා කොහෙවත් අපට මේ ඩොලර් බිලියන 41 ක් ගෙවාගන්න බෑ කියලා.

ඒක ණයක් නෙවෙයි, ඒක ණයක් වෙන්නෙ කොහොමද ? වියට්නාමය 2023 අවුරුද්දෙ විතරක් සෘජු ආයෝජන ඩොලර් බිලියන 23 යි. අපට ගෙවාගන්න බෑ කියලා කෙඳිරිගාන ණය ඩොලර් බිලියන 41 යි.
ඒක ණයක්ද? අපට ණය ගෙවාගන්න බෑ කියලා කියමු, ගාණ කියන්නෙ නැතිව. දැන් කවුරුහරි සුද්දෙක් හම්බුණාම අපට ණය ගෙවාගන්න බෑ, හැබැයි ගාණ නම් කියන්නෙ නෑ. මේක මේ සොච්චම් ණයක්.”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නීතීඥ සමුළුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *