ලංකාවේ 90%ක් බාර් අයිති දේශපාලනඥයන්ට! ඒවා වැහුවොත් මත් උවදුර 90%ක් ඉවරයි!

January 29, 2019 at 1:57 am | by admin

රටපුරා විවෘතව පවතින සුරාසැල්වලින් 90%ක අයිතිය ඇත්තේ දේශපාලනඥයන්ට බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ, පසුගියදා රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේදී ‘මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ නිමිත්තෙන් පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

දේශපාලනඥයන් මත්පැන් අලෙවි කිරීම නැවැත්වූ විට සුරා සැල්වලින් 90%ක් වසා දැමිය හැකි බවද ඔහු පැවැසීය. මත්උවදුර දුරු කිරීම සඳහා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට දේශපාලන අධිකරියේ ඍජු සහ වක්‍ර මැදිහත්වීම වහා නැවැත්විය යුතු බව තමන්ද පිළිගන්නා බව පළාත් ආණ්ඩුකාරවරයා පවසා සිටියේය.

නීත්‍යනුකූල මත්ද්‍රව්‍යවලින් රජය ලබන ආදායමට වඩා මත්ද්‍රව්‍ය භාවිතයෙන් පැන නගින ගැටලු සඳහා විසඳුම් හා පිළියම් වෙනුවෙන් විශාල පිරිවැයක් රජයට දැරීමට සිදුව ඇති බවත්, එම පිරිවැය ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ සදාචාර යන ක්‍ෂේත්‍ර රැසක දැවැන්ත පරිහානියට මුල්වන බව ද ධම්ම දිසානායක මහතා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස