ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට! තව එකක් හදන සූදානමක්!

January 28, 2019 at 2:32 am | by admin

මත්තල ගුවන්තොටුපළේ අයිතියෙන් 70%ක් ඉන්දියාවට ලබා දීම සඳහා අදාළ කැබිනට් පත‍්‍රිකාව සූදානම් බව වාර්තා වෙයි.

මෙරට ගුවන් සේවා අධිකාරිය හා ඉන්දීය ගුවන් සේවා අධිකාරිය අතර මේ සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.

ගිවිසුමට අනුව මත්තල ගුවන්තොටුපළේ පාලනය වසර 40 කට ඉන්දීය ගුවන්සේවා අධිකාරියට පැවරෙනු ඇත. මෙරට ගුවන් සේවා අධිකාරිය 30% ක කොටස් අගයකට හිමිකම් කියයි.

මෙම ගිවිසුම අනුමත කිරීම සඳහා සිවිල් ගුවන්සේවා පනතද යළි සංශෝධන කළ යුතුවේ. මේ වන විට මත්තල ගුවන්තොටුපළ පාඩු ලබන තත්ත්වයේ පසුවේ.

මේ අතර පොළොන්නරුවේ හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඉදිකිරීමට සහ පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් දක්වා වැඩි දියුණු කිරීමට ද රජයේ අවධානය යොමු වී ඇතැයි පසුගිය සමයේ වාර්තා පළ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස