රොෂාන්ගේ ක්‍රීඩා ඇමැති ධූරය එස්.බීට..!

November 19, 2023 at 9:19 am | by emanisa.lk

වසර මුල ක්‍රීඩා අමාත්‍ය ධූරයෙහි වෙනසක් සිදුවනු ඇතැයි වාර්තා වෙයි. අයවැය විවාදය හමාර වීමෙන් පසුව මෙම වෙනස සිදු කිරීමට මූලික සාකච්ඡා පවත්වමින් සිටින බව දැන ගන්නට තිබේ.

දැනට ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධූරය දරන රොෂාන් රණසිංහගෙන් ක්‍රීඩා අමාත්‍යංශය ඉවත් කොට කලක් ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරූ එස්.බී. දිසානායකට එය පැවරිය යුතු බවට රජයට යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.

එහෙත් ඔහුට අයත් වාරිමාර්ග අමාත්‍ය ධූරයෙහි කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි සඳහන්ය. වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ද අනතුරුව ජනාධිපති කාර්යාල බලධාරීන් සමග ද ගැටුමක් ඇති කර ගැනීම ම ඊට හේතු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *