රු. බිලියනක් වන්දි ගෙවා ප්‍රසිද්ධියේ සමාව ගනු…! නැත්නම් උසාවියෙන් බේර ගමු…! ජලනිගෙන් චමුදිතට එන්තරවාසි…

May 20, 2023 at 6:20 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ප්‍රේමදාස විසින් චමුදිත සමරවික්‍රම ගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.

කීර්ති රත්නායක සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් තමන් අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක බිරිඳ සිය නීතිඥවරයා මගින් මෙම එන්තරවාසිය යොමු කර තිබේ.

එමෙන්ම යුටියුබ් නාලිකාවේ ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් ඇතුළත් වැරදි අපහාසාත්මක ප්‍රකාශ විකාශනය කිරීම නවතා ඇයගෙන් ප්‍රසිද්ධියේ සමාව ලබා ගත යුතු බවද එහි සඳහන් වේ.

එසේ ම මෙමගින් සිදු වූ අපහාසයට වන්දි වශයෙන් දින දා හතරක් ඇතුළත රුපියල් බිලියනයක මුදලක් බැංකුවේ තැන්පත් කොට එහි රිසිට් පත ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් හෝ වට්ස්ඇප් හරහා යොමු කරන ලෙසද ලෙස ද නීතිඥවරයා එන්තරවාසියෙන් දැනුම්වත් කර තිබේ.

සිවිල් සහ අපරාධ යන දෙ අංශයෙන්ම ක්‍රියාමාර්ග ගන්නා බව සේවාදායිකාව දැනුම් දී ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස