රෑ 10 වන තුරු සුරාසැල් විවෘතව තැබිය යුතුයි…! – ඩයනා ගමගේ…

May 25, 2023 at 11:27 am | by emanisa.lk

මත්පැන් අලෙවිසැල් අවම වශයෙන් පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වාවත් විවෘතව තැබිය යුතු බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පවසයි.

එහිදී ඇය පෙන්වා දුන්නේ රාත්‍රී 9ට සුරාසැල් වැසීම නිසා රුපියල් බිලියන ගණනක ආදායමක් අහිමි වන බවයි.

“ආණ්ඩුව අරක්කුවලට බද්දක් දැම්මත් එය අය කරගන්න විදියක් නෑ. එය නැවත ලබා ගත හැක්කේ මත්පැන් අලෙවි කළහොත් පමණයි.

සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් රාත්‍රී 10 දක්වාවත් විවෘතව තැබිය යුතුයි. රාත්‍රී 9ට සුරාසැල් වැසී ගියත් මත්පැන් මිලදී ගැනීමට අවශ්‍ය අය රාත්‍රී නවයෙන් පසුව එය මිලදී ගන්නේ කොහෙන්ද, කෙසේද යන්න දැනගත යුතුයි.”

ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඇය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස