රාත්‍රී විදුලි කප්පාදුව අවසන්…!

December 1, 2022 at 8:51 am | by emanisa.lk

දකුණු සහ ඇල්ල සංචාරක කලාප සඳහා දෙසැම්බර් මස පළමු වනදා සිට රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව දකුණු පළාතේ සහ ඇල්ල සංචාරක කලාපයේ විදුලි කප්පාදුව දහවල පැයට පමණක් සීමා වෙයි.

කෙසේ වුව ද දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට දහවල පැයක සහ රාත්‍රියේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් දෙසැම්බර් 15 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *