රාජිත ආණ්ඩුවට එකතු වන බවක් කියා නෑ…! ජනමාධ්‍ය කරුණු විකෘති කරලා…! – තිස්ස….

April 16, 2023 at 2:05 pm | by emanisa.lk

රාජිත සේනාරත්න ආණ්ඩුවට එක්වන බවට පළවූ මාධ්‍ය වාර්තා සියල්ල ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාදෙන්නේ නම් තමන් එය භාර ගැනීමට සූදානම් බවට රාජිත සේනාරත්න පසුගියදා මාධ්‍ය හමුවේ සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීමට සමගි ජනබලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය.

තමන් ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට සහාය පළකරන බවට කිසිදු ප්‍රකාශයක් සිදුනොකළ බවත් මාධ්‍ය මගින් එය විකෘති කර ප්‍රචාරය කර ඇති බවත් රාජිත සේනාරත්න එම කමිටුව හමුවේ ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කර ඇත.

කෙසේ වුව ද මාධ්‍ය තුළ පළවූ එම ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිවේදනයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්නට සමගි ජනබලවේග පක්ෂයෙන් දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස