රාජිතට දෙනවා නම් රෝහිතටත් ඇමැතිකමක් ඕන…! – පොහොට්ටුව ජනපතිට දැනුම් දෙයි…

April 17, 2023 at 3:55 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඇමැති තනතුරක් දෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට ද ඇමැති තනතුරක් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.

රෝහිත අබේගුණවර්ධනට නොදී රාජිත සේනාරත්නට පමණක් ඇමැති තනතුරක් දෙන්න එපා යැයි ද එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කොට ඇත. මෙම දෙදෙනාම කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ය.

රෝහිත අබේගුණවර්ධන පක්ෂයේ දියුණුව වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයකු වන හෙයින් රාජිත සේනාරත්නට පමණක් ඇමැති තනතුරක් දුනහොත් එය රෝහිතට කරන බරපතළ අසාධාරණයක් බව පක්ෂය ජනාධිපතිවරයාට වැඩි දුරටත් දැනුම් දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස