රාජාංගණේ හාමුදුරුවෝ කළ ප්‍රකාශවල කිසි ම වරදක් නෑ…!

June 29, 2023 at 12:17 pm | by emanisa.lk

රාජාංගණේ සද්ධාරතන හිමි සිදු කළ ප්‍රකාශවල කිසිදු වරදක් තමා නොදකින බව යථාර්ථය සංවිධානයේ මහ ලේකම් කිරිඉබ්බන්ආරේ සමිත හිමි පවසයි.

උන් වහන්සේ භාවිත කළ භාෂා ශෛලිය නොගැළපෙන බව ද එහි අසභ්‍ය වචන ගැබ්ව ඇති බව ද එහිමියන් සඳහන් කළහ.

කෙසේ වුව ද සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන ඇත්තේ එම චෝදනාවට නොව ආගම්වාදය ජාතිවාදය ඇවිළවීමේ චෝදනාව යටතේ බව සඳහන් කළ කිරිඉබ්බන්ආරේ සමිත හිමි, රට ජාතිය වෙනුවෙන් එහිමියන් රට වෙනුවෙන් සිදුකළ ප්‍රකාශ පිළිබඳ තමන් තුළ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *