රාජ්‍ය දේපළ විකුණන්න මේ ආණ්ඩුවට ජන වරමක් නෑ…! – කිරිඇල්ල….

April 4, 2023 at 12:53 pm | by emanisa.lk

ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය විකිණීම සඳහා ආණ්ඩුවට කිසි ම ජනවරමක් ලැබී නැතැයි හිටපු අමාත්‍ය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.

1994 වසරේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මැතිවරණ ප්‍රකාශනයේ ම ආණ්ඩුවේ වතු පෞද්ගලික අංශයට දෙන බව පැවසූ බවයි, කිරිඇල්ල ප්‍රකාශ කළේ.

එම ආණ්ඩුව රාජ්‍ය වතු විකිණූයේ ඒ ජනවරම අනුව බව ද ඔහු සඳහන් කළේය. නමුත් මෙම ආණ්ඩුවට එවැනි ජනවරමක් නැතැයි ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *