රාජපක්ෂලා හොටු පෙර පෙර නැවත නැගිටින්න හැදීම විහිළුවක්…!

October 29, 2022 at 7:25 pm | by emanisa.lk

ජනතාව ගින්නට ඇද දැමූ රාජපක්ෂවරුන් ඇතුළු කණ්ඩායම නැවත වතාවක් කිසිවක් නොවුණු ගාණට ජනතාව ඉදිරියට ගොස් හොටු පෙර පෙර අඬමින් සහ දුක කියමින් අළු මතින් නැගිටීමට උත්සාහ දැරීම මේ යුගයේ ලොකුම විහිළුව බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසයි.

ලෝකයේ හොඳ ම ලෝක විහිළුවට හිමිවිය යුතු සම්මානය රාජපක්ෂවරුන්ගේ ඒ උත්සාහයට හිමිවිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා ජනතාව නැවත වතාවක් මේ බොරු සෙප්පඩ විජ්ජාවලට රැවටිය යුතු නැති බව ද ජනතාව නැගිටුවීමට ඔවුන්ගේ කිසිම අදහසක් නොමැති බව ද ප්‍රකාශ කළේය.

අද ඒ අය රැස්වීම් පවත්වන්නේ දූෂණ චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල යැයි ද මේ දූෂිත නඩයට නැගිටීමට ජනතාව නැවත වතාවක් ඉඩ නොදෙන බව ස්ථිර යැයි ද අලවතුවල වැඩි දුරටත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කොළඹ දී අද(29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *