රනිල් වගේම බැසිලුත් ජාතිවාදයට කප්පම් දෙන්න හදනවා!

January 17, 2019 at 2:20 pm | by admin

රනිල් වික්‍රමසිංහ පමණක් නොව බැසිල් රාජපක්ෂ ද ජාතිවාදී කප්පම්කාරයන් දොල පිදේනි දීම මගින් බලය ලබා ගැනීමට උත්සාහ කරන්නේ යැයි දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කළේය. අද දින ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ පවසා ඇත.

“රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණක් නොවෙයි බැසිල් රාජපක්ෂ මහත්මයත් හිතාගෙන ඉන්නේ ජාතිවාදී කප්පම්කාරයින් නැමති කපුවන් නැතිව ජනතාව නැමැති දෙවියන් අමතන්න බැහැ කියලා. එසේ වුවත් එම කප්පම් කාරයන්ට සැබෑ ජන බලයක් නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ටී.එන්.ඒ පක්ෂයට උතුරෙන් ලැබෙන්නේ ඡන්ද 34.6% යි. නැගෙනහිරින් 24.4% යි.”

මෙම මාධ්‍ය හමුවට පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, රියර් අද්මිරාල් සරත් වීරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු විද්වත් පිරිසක් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස