රනිල් ජනමාධ්‍ය මංගලගෙන් ගලවා රුවන්ට දෙයි!

February 21, 2019 at 8:30 am | by admin

ඉදිරි දින කිහිපය ඇතුළත ජනමාධ්‍ය ඇමති ධුරය මංගල සමරවිරගෙන් ඉවත් කර රුවන් විජේවර්ධනට ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

අගමැතිවරයා එම තීන්දුව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති අතර ඒ පිළිබඳ රුවන් විජේවර්ධන සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ද පවත්වා ඇත.

ආණ්ඩු පක්ෂ ඇතැම් මැති ඇමතිවරු සිය සංවර්ධන කටයුතු ප්‍රචාරණයට රාජ්‍ය මාධ්‍ය අනුග්‍රහය ප්‍රමාණවත් නැතැයි පසුගිය සමයේ මැසිවිලි නඟා තිබිණි. කෙසේ වුවද ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මංගලට පක්ෂව අදහස් දක්වා තිබිණි.

කැබිනට් ඇමති ධුර ගණන ඉහළ නොදමා රුවන් විජේවර්ධන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට පත් කරන්නේ කෙසේ ද යන්න ඉදිරියේ දී තීරණය වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස