රනිල් කොහා එන්නේ අවුරුදු අරන්…! පොහොට්ටුවේ අපි බිත්තර රකිනවා..! විපක්ෂේ පොළඟුන්ට බැටේ දෙනවා…! – ප්‍රසන්න රණතුංග…

September 2, 2022 at 4:37 pm | by emanisa.lk

කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ තමන් බවත් එම බිත්තර ගිලින්නට එන නයි පොළඟුන්ට කොටන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අයවැය විවාදයට එකතු වෙමින් හර්ෂ ද සිල්වා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා අද (02) මේ බව ප්‍රකාශ කළේය.

හර්ෂ ද සිල්වා අයවැය විවාදයට එකතු වෙමින් සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ අයවැය කපුටු කූඩුවක දැමූ කොහා පැටවෙකු බඳු බවය.

“ජනාධිපතිතුමා පසුගිය ප්‍රශ්න සියල්ල අමතක කරලා රට වෙනුවෙන් එකතු වෙන්න කියලා ඔවුන්ට ආරාධනා කළා. විපක්ෂය එතුමා කපුටු කූඩුවේ බිත්තර දැමූ කොහෙකුට සමාන කරනවා. එරබදු මල් පිපිලා අවුරුදු එන බව කියන්නේ කොහා බව අමතක කරන්න එපා.

අපි කොහාට බිත්තර දාන්න අපේ කූඩුව දුන්නා. අපි කැමැත්තෙන් දුන්නේ. කොහා කියලා දැනගෙන දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නෑ. එතුමා මුලින් ම කූඩුව හදන්න හැදුවේ ඔබතුමන්ලා එක්ක. ඔබතුමාලා තමයි කොහාට කොටලා එළෙව්වේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *