රනිල් ආවට පස්සේ අනුරලා ගියේ එක පෙළපාළියයි…! ඒකත් කොළඹ පාළුවට ගිය ඉරිදාවක…!

May 22, 2023 at 8:45 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වූ පසු ජවිපෙ පෙරටුගාමී විරෝධතා පෙළපාළි නැත්තට ම නැති වී ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඊට පසු ජවිපෙ කැඳවූයේ එකම පෙළපාළියක් බවත් එය ද කොළඹට සෙනඟ නොඑන ඉරිදාවක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජවිපෙ දැන් මගී ජනතාවට වන අපහසුතා පිළිබඳ පවා සැලකිලිමත්ව විරෝධතා සංවිධානය කරන බවයි, විමල් වීරවංශ ප්‍රකාශ කළේ.

නවය: සැඟවුණු කතාව බදුල්ල සම්මන්ත්‍රණයට එකතු වෙමින් ඔහු පෙන්වා දුන්නේ අනුර දිසානායක රනිල් පැමිණීමට පෙර එක බණක් ද රනිල් පැමිණි පසු එක බණක් ද දේශනා කරන බවත් එය ඇට නැති දිවේ හැටි බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස