රනිල් අනුර නෑ කියන ව්‍යවස්ථාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ

January 22, 2019 at 3:24 am | by admin

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් සකස් කර නැති බව රජය පුන පුනා කීවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියැවිල්‍ලේ ඉතාම පැහැදිලිව හඳුන්වා ඇත්තේ ව්‍යවස්ථා කෙටුම්පත (Constitution draft) යනුවෙන් යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ පෙන්වා දෙති.

රජය මෙහෙයවන බටහිර සුද්දන්ට සත්‍ය දැනගැනීමට සලස්වා අගමැති රනිල් වික්‍රමසිංහ සිංහල ජනතාව නොමග යවමින් සිටින බව එයින් පැහැදිලි වන්නේ යැයිද උන්වහන්සේ සඳහන් කරති.

මේ සත්‍ය හෙළිදරව් කරන තමන්වහන්සේ ඇතුළු සියලු දෙනාට බොරු චෝදනා එල්ල කරමින් හිංසාවට පත්කිරීමට රජය පිඹුරුපත් සකස්කළද ඒ කිසිදු බලපෑමකට යටත් නොවී මෙරටේ ඒකීයභාවය හා ජාතික ආගමික සමගිය වෙනුවෙන් ආරම්භ කර ඇති කිසිම දෙයක් අතර මග නතර නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස