රනිල්ගේ විකිණිල්ලට අත උස්සන්නේ පොහොට්ටු මන්ත්‍රීලා..! – චරිතගෙන් මහින්දට පිළිතුරු…

May 14, 2024 at 10:08 am | by emanisa.lk

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුවේ පෞද්ගලිකකරණ වැඩපිළිවෙළ පිළිබඳ ලිපිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් x ගිණුමෙහි සටහනක් තබා තිබේ.

වර්තමානයේ නිදහස ජනතා සභාව නියෝජනය කරන චරිත හේරත් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය පිළිගන්නා අතර ඊට ගරු කරන බවයි.

කෙසේ වුව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ අනුමත කර ඇත්තේ පොදුජන පෙරමුණ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එය නවත්වන්නේ නැතිව ප්‍රතිව්‍යුහගතකරණ මුවාවෙන් කර​න ‘ගජමිතුරුකරණය’ නැවැත්විය නොහැකි බව ද චරිත හේරත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *