රට වෙනුවෙන් දේශපාලන පිටියට එන්න සූදානම්…! – ජනක රත්නායක….

May 23, 2023 at 7:26 pm | by emanisa.lk

තමන් සම්බන්ධයෙන් හෙට (24) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජන්දය දේශපාලන ප්‍රශ්නයක් නොව හරි වැරැද්ද සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වන අතර ජනතාවාදී දේශපාලකයින් කවුද යන්න හෙට දින බලාගත හැකි වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ස්වාධීන කොමිසමක් නිසිලෙස කටයුතු කරන විට ඒ සඳහා වන දේශපාලන බලපෑම හෙට දිනයේ පෙන්නුම්කරනු ඇති බවයි, ජනක රත්නායක කියා සිටියේ.

225ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් දේශපාලන උවමනාවක් මත ගෙන එන යෝජනාව අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු වන බව හෙතෙම අවධාරණය කළේය.

කුමන හෝ තත්ත්වයක් මත තමන්ට හෙට ධූරයෙන් ඉවත්ව යාමට සිදුවුවහොත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දේශපාලන පිටියට පිවිසෙන බව ද ජනක රත්නායක ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස