රට යුද පිටියක් වෙලා! රට බේරගන්න ගෝඨාම ඕන!

July 16, 2019 at 2:56 pm | by emanisa.lk

රට යුද පිටියක් වෙලා! රට බේරගන්න ගෝඨාම ඕන! – රණවිරුවෝ මහින්දට මැදමුලනටම ගොස් කියති…

රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අද(16) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවීමට තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණියහ.

ලංකාව නැවතත් යුද පිටියක් බවට පත්ව ඇති අතර මේ හේතුවෙන් රට බේරා ගැනීමට සියලුම ආගම්වල ජනතාව සමඟ එකතු වී බලවේගයක් ගොඩනැගීමට තීරණය කළ බවද ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස මෙම රණවිරුවෝ ඉල්ලා සිටියහ.

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ මෙම රණවිරුවන් පිරිස සුහදව සාකච්ඡා කළ අතර ඔවුන්ගේ තනතුරු ප්‍රදානය කිරීම ද විපක්ෂ නායක අතින් සිදුකෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස