රට ගොඩගත හැකි එක ම නායකයා රනිල්….!

May 20, 2023 at 6:45 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලැබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

අද (20) එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් නියෝජ්‍ය නායකයා මේ බව කියා සිටියේය.

ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව මහා මැතිවරණයක් පවත්වනවා. එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීම පිණිස මේ වන විට පක්ෂ ගණනාවක් සහ පක්ෂය හැර ගිය විශාල පිරිසක් යළි අප සමග එක්වීමට සූදානමින් සිටිනවා.

පක්ෂ රාශියක් ‘එක්කරගෙන රට සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර සිටිනවා. මේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස