රට අමාරුවේ දැම්මේ දැවැන්ත ව්‍යාපාරිකයෝ..! ඩොලර් බිලියන 40ක් පිට රට සඟවලා…!

November 27, 2022 at 10:03 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ අපනයන ආදායමින් අතිවිශාල පංගුවක් මහා පරිමාණ අපනයනකරුවන් විසින් පිට රටවල රඳවා තබා ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ චෝදනා කරයි.

රටේ වාර්ෂික අපනයන ආදායම දශක ගණනක් තිස්සේ නියමිත කාලය තුළ රටට ගෙන නොඒම මෙන් ම නියම ආදායම සඟවමින් සුළු මුදලක් පමණක් රටට ගෙන ඒම සිදුකරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ඇඟළුම්, තේ, රබර්, මාළු කර්මාන්ත ආශ්‍රිත ප්‍රමුඛ පෙළේ අපනයනකරුවන් බොහෝ දෙනෙකු මෙලෙස රටට ලැබිය යුතු ඩොලර් විදෙස් රටවල තැන්පත් කර ඇතැයි අනාවරණය වී තිබේ.

එසේ ම යකඩ, සිමෙන්ති, ආහාර පාන, විදෙස් මත්පැන් ආනයනකරුවන් සිය ආනයනය සඳහා වැඩි මිල ගණන් සහිත ලිපි ලේඛන ඉදිරිපත් කර රටේ ඇති ඩොලර් විදෙස් රටවලට යොමු කරන බව ද අනාවරණය වී තිබේ.

Global Financial Integrity (GFI) ආයතනය 2021 වසරේ නිකුත් කළ වාර්තාව අනුව රටට ලැබිය යුතු ඩොලර් බිලියන 40ක් මෙම ව්‍යාපාරික පිරිස විසින් විදෙස් රටවල සඟවා තිබේ. ලංකාවට IMF ආයතනය මගින් ලබා දීමට සූදානම් වන ණය ප්‍රමාණය වන්නේ ද ඩොලර් බිලියන 2.9කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *