මැයි මස නම වන දා උදෑසන රටින් පිටත්ව ගිය යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිද, මේ වන විට නැවතත් ලංකාවට පැමිණ තිබෙන බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මැයි 24 වන අගහරුවාදා රාත්‍රී 11.45ට යෝෂිත සහ ඔහුගේ බිරිද දිවයිනට පැමිණ ඇති බව පැවසේ.
ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටින ආකාරයට, ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ සිය අනන්‍යතාවය වසන් වන ආකාරයට කැප් තොප්පි පැළඳ අඳුරු පැහැති ඇඳුමින් සැරසී බව ද ඩේලි මිරර් වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කරයි.