රටේ වනාන්තර රැක්කේ ප්‍රභාකරන් විතරයි! දේශපාලකයෝ ජාවාරම්කාරයෝ එක්ක වනාන්තර විනාශ කළා!

March 22, 2019 at 9:26 am | by admin

යුද්ධය ක්‍රියාත්මක නොවූ රටේ සෙසු ප‍්‍රදේශවල වන පද්ධතිය දේශපාලඥයින් සහ ජාවාරම්කරුවන් එක්ව විනාශ කර දැමූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් තමා කළ බවත් රටේ සියලුම විදුලි කියත් ලියාපදිංචි කළ බවත් හෙතෙම හෙළි කළේය.

රටේ ඉතිරිව ඇති සියයට 28ක වන ඝණත්වයෙන් වැඩි ප‍්‍රමාණයක් පවතින්නේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල බව ජනාධිපතිවරයා පවසයි. එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදය හේතුවෙන් එම වනාන්තර ආරක්ෂා වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා ප්‍රභාකරන් සිය ගරිල්ලා සටන් සඳහා වනාන්තර උවමනා නිසා ඒවා ආරක්ෂා කළ බව හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ දිඹුලාගල ප‍්‍රදේශයේ පැවැති ජාත්‍යන්තර වනාන්තර සැමරුම් දින උත්සවයට එක්වෙමින්. රට තුළ දැනට පවත්නා වන ඝණත්වය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා එක්ව කැප නොවුණහොත් තවත් වසර 15ක් යන විට රටට වනාන්තර අහිමි වී යන බවයි ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඉදිරි වසර 03 තුළදී ඉටු කර ගැනීමට අපේක්ෂා කරන රටේ වන ඝණත්වය සියයට 32ක් දක්වා ඉහළ නංවා ගැනීමට නම් හෙක්ටයාර් එක් ලක්ෂ හතලිස් අට දහසක් අලූතින් වන වගා කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය. 2010 වසරට පසු රටේ වන ගහනය මැන නොමැති බව ද බලධාරීන් ඒ සඳහා කිසිදු ඉල්ලීමක් කර නැති බව ද ජනාධිපතිවරයා හෙළිදරව් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *