“රටේ මුදල් අමාත්‍යවරයා මූල්‍ය කටයුතු ගැන හොඳ අවබෝධයක් ඇති අයකු විය යුතුයි” – විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න

January 24, 2019 at 1:40 am | by admin

මුල්‍ය කටයුතු ගැන හොඳ අවබෝධයක් ඇති අයකු රටේ මුදල් අමාත්‍යවරයා වීම ඉතා වැදගත් බව ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඊයේ (23 දා) කොමිසමේ සාක්ෂි විභාගයේදී ප‍්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එස්. ආර්. ආටිගල මහතා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර ඔහුගේ සාක්ෂි විභාගය අතරතුර කොමිසමේ සභාපතිවරයා මේ බව කීවේය.

එස්. ආර්. ආටිගල මහතා කීවේ මුදල් අමාත්‍යංශයේ එදිනෙදා මූල්‍ය කටයුතුවලට අදාල තීරණ විශේෂයෙන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තීරණ නිලධාරීන් විසින් ගනු ලබන බවත් ඒ සැම තීරණයක් ගැනම මුදල් ඇමැතිවරයා දැනුවත් කිරීමක් සිදු නොකරන බවත්ය.

පසුගිය සමයේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද ප්‍රකාශ කළේ මෝස්තරකාරයකුට කුස්සිය භාර දීම විහිළුවක් බවය. එසේම බැඳුම්කර වංචාව සමයේ මුදල් අමාත්‍යවරයා රවී කරුණානායක වුව ද මහ බැංකුව පැවතියේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස