රටට ඩොලර් අදින තවත් සැලසුමක්…! හම්බන්තොටට ගෝන්ප්‍රී මෝටර් රථ ධාවන පථයක්…!

October 25, 2021 at 12:11 pm | by emanisa.lk

කිලෝමීටර් 5.6ක දිගකින් යුතු ගොන්ප්‍රී ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් හම්බන්තොට ප‍්‍රදේශයේ ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වී ඇත.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට ඒ සඳහා ජපාන සහ ස්පාඤ්ඤ ආයෝජකයින් කණ්ඩායමක් අතර සාකච්ඡා ඇරඹී ඇත. අදාළ ධාවන පථය හම්බන්තොට රජයේ ඉඩමක ඉදිකිරීමට යෝජිත බව ද වාර්තාවේ දැක්වෙයි.

හම්බන්තොට වරායෙන් රේසින් කාර් ගොඩබෑම සඳහා සූදානම් කරවන බවත් තරග සඳහා සහභාගී වන ක‍්‍රීඩකයන් මත්තල ගුවන් තොටුපළ හරහා ගෙන්වා ගැනීමටත් සැලැසුම් කර තිබේ.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙය ක‍්‍රියාත්මක වන්නේ දේශීය සම්පත් හා දේශීය දැනුම උපයෝගී කරගෙන යයි ද එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *