රංජන්ගේ මුල් වීඩියෝව අපි ළඟ නෑ! ජනතාව එම ප්‍රකාශය දැනගත යුතු නිසා ප්‍රචාරය කළා! – සිරස

January 29, 2019 at 7:27 am | by admin

අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධව රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඇතුළත් මුල් වීඩියෝ පටය තම ආයතනය සතුව නැතැයි ‘සිරස’ නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත් සෝමචන්ද්‍ර මහතා ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කීය.

රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීම මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට ගොනුකර ඇති පෙත්සම් දෙකක් ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී සාක්කි දෙමින් ගයාන් සම්පත් මහතා ප්‍රකාශ කළේ අදාළ මුල් වීඩියෝ පටය මකා දමා ඇති බවය.

සාමාන්‍යයෙන් එබඳු ප්‍රවෘත්ති වීඩියෝ පට මකාදැමීම සිය ආයතනය ප්‍රතිපත්තියක් ලෙස සිදුකරන බවද කීවේය.

අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධ ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදුකිරීම මඟින් රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇති බවට ගොනුකර ඇති පෙත්සම් දෙක සම්බන්ධ සාක්කි විභාගය දෙවැනි දිනටත් ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි සිදු කෙරිණි.

එහිදී විත්තිකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ අපහාසාත්මක ප්‍රවෘත්ති විකාශය නොකර සිටීමට සිය ආයතනය කටයුතු කරන බවය. එහෙත් මෙම නඩුවට අදාළ ප්‍රකාශය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය කිහිපයක් හමුවේ කර ඇති අතර එම ප්‍රකාශය ජනතාව විසින් දැනගත යුතු නිසා එය විකාශය කළ බව හෙතෙම තවදුරටත් සාක්කි දෙමින් ප්‍රකාශ කෙළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස