එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පොළොව යට ගබඩා කොට තිබූ තවත් බෝම්බ තොගයක් යාපනයේ වඩමාරච්චි නැගෙනහිර ප‍්‍රදේශයේ අම්බාන් ප‍්‍රදේශයෙන් 22 වැනිදා හමුවී තිබේ.
අම්බාන් ප‍්‍රදේශයේ වැසියකු ළිඳක් කැපීම සඳහා පොළොව හාරමින් සිටි අවස්ථාවේදී මේ බෝම්බ තොගය හමුවී ඇති අතර එහි මිලිමීටර් 81 වර්ගයේ බෝම්බ හතරක්, තවත් මෝටාර් බෝම්බ 54ක්, පීඩන බෝමබ 6ක්, ජොනී බට්ටන් 62ක් තිබී ඇත.
මේ පිළිබඳව යාපනය පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කැඳවා එම බෝමබ තොගය වළෙන් ගොඩ ගෙන තිබේ.
මෙම බෝම්බ තොගය වළලා වසර විස්සකට වඩා වැඩි කාලයක් ගත වී ඇති නිසාත් ඒවා නිසි ලෙස සුරක්ෂිතව ගබඩා කොට නොතිබීම නිසාත් බෝම්බ විශාල ප‍්‍රමාණයක් මළකඩ කා විනාශ වී ගිය තත්වයක පවතින බව පොලිසිය පැවසීය.
නමුත් මේ බෝම්බවල ජීවගුණයට කිසිදු හානියක් වී නොමැති බව ද පොලිසිය සඳහන් කරයි. අධිකරණ නියෝග මත මෙම බෝම්බ තොගය පුපුරවා විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසිය පියවර ගෙන ඇත.