යාපනේ පන්සලකට එරෙහිව විරෝධතාවක්…!

May 4, 2023 at 11:22 am | by emanisa.lk

යාපනය ,කන්කසන්තුරය තිස්ස මහා විහාරයේ බෞද්ධ ඉදිකිරීම්වලට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් විරෝධතාවක් පවත්වා තිබේ.

අදාළ විහාරස්ථානය ඉදිරිපිටට පැමිණ මෙම පිරිස විරෝධතාවෙහි නිරත වූහ.

එහි දී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පිරිස විසිරුවා හැරීමට පොලිසිය කටයුතු කර තිබේ.

විරෝධතාව අතරතුර පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු  අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස