යහපාලන දෙවොල දෙදරයි! මුල්ගල් ගැටෙයි!

January 21, 2019 at 11:06 am | by admin

යහපාලන ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මුල්ගල් තැබූ ඌව පළාතේ එජාපය ගොඩදැමූ බවට ප්‍රශංසා ලද හරීන් සහ චමින්ද විජේසිරි අතර හටගත් දේශපාලන ගැටුමක් පසුගිය සඳුදා රනිල් ඉදිරියේ විසඳා ගැනීමට තරම් ඔඩුදුවා තිබුණි. රනිල් එදින හරීන් සහ චමින්ද අරලියගහ මන්දිරයට කැඳවා තිබුණේ මේ ගැටුම සමථයකට පත් කිරීම සඳහාය.

හරීන් බදුල්ලේ පොහොට්ටුවේ තරුණ කණ්ඩායම් සමග එකතු වී කටයුතු කරන බවට රනිල්ට චමින්දගෙන් ඔත්තුවක් ලැබී තිබුණි. එපමණක් නොව පොහොට්ටුවේ තරුණයන්ගේ සංගීත ප්‍රසංගවලට හරින් මුදල් දෙන බවටත් ඔහු බදුල්ලට එන්නේ කලාතුරකින් වන අතර ඒ ආවද ඔහු ඉන්නේ පොහොට්ටුවේ පිරිස් සමග බවටත් රනිල්ට තොරතුරු ලැබී තිබුණි.

“දෙසැම්බර 31 වෙනිදා තියන සංගීත සංදර්ශනයකට සහයෝගය දෙන්න කියලා මට දවසක් රෑ කෝල් එකක් අවා. මම පක්ෂේ බලන්නේ නැතුව මිනිස්සුන්ට උදවු කරනවා. ඉතින් ඒ තරුණයන්ට මම රුපියල් හතළිස් දාහක් දුන්නා. ඒ මිනිස්සු මගේ මූණයි නගරසභා සභාපතිගේ මූණයි පෝස්ටරේට දාලා හැමතැනම පෝස්ටර් අලවලා.” හරින්, රනිල්ට කරුණු පැහැදිලි කළේය.

හරින් මුදල් ලබා දී තිබුණේ චමින්ද නියෝජනය කරන බණ්ඩාරවෙල ආසනයේ තරුණ පිරිසකටය. චමින්ද කෝප වූයේ තම ආසනයේ සංගීත ප්‍රසංග පවත්වන්නට තමන්ටද හොරා හරින් මුදල් ලබා දීම නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස