යහපාලන ආණ්ඩුව පාස්කු බෝම්බකරුවන්ගේ දුරකතන දෙකක් ඕස්ට්‍රේලියාවට දීලා! සහරාන්ගේ දුරකතන දෙක ඇමරිකාවේ FBI එකට දීලා!!

September 23, 2020 at 11:00 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවකුගේ සහ ඔහුගේ බිරියගේ ජංගම දුරකථන දෙකක් පසුගිය රජය යටතේ රහස් පොලිසිය විසින් ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසියට ලබාදී ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ අධිකරණයට ද හොරෙන් මෙම ජංගම දුරකථන ලබාදී ඇතැයි පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මේ බව හිටපු ජනපතිට සහ රජයටද වසන් කර ඇත.

එසේම සහරාන් සතු ජංගම දුරකථන දෙක ඇමරිකානු එෆ්බීඅයි පොලිසියට ලබාදී ඇති බව පසුගියදා හෙළිකර තිබුණි.

මෙම ජංගම දුරකථනවල ඇති දත්ත චීනය ලවා පරීක්‍ෂාවට ලක් කළ හැකි වුවත් චීනයේ සහය ලබාගෙන නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *