පාර්ලිමේන්තුව තමන්ගේ වැඩේ හැර සියල්ල කරයි..! පෝර්ට්සිටිය සුදු අලියෙක් වෙයි…! විදෙස් ආයෝජකයෝ පැන දුවති..!

September 4, 2022 at 9:21 am | by emanisa.lk

මෙරට දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කොළඹ පෝර්ට් සිටියේ විදේශ ආයෝජකයන් සඳහා වෙන්කළ බිම් කොටස් 74න් මෙතෙක් ආයෝජකයන් විසින් හිමිකරගෙන ඇත්තේ බිම් කොටස් 6 ක් පමණක් බවත් ඉතිරි බිම් කොටස් 68 සඳහා මෙතෙක් කිසිදු ආයෝජකයකු ඉදිරිපත්ව නැති බවත් වාර්තා වෙයි.

මේ වන විට බිම් කොටස් 6 ක් සඳහා ව්‍යාපාරික ආයෝජන ඉදිරිපත් කර ඇති ආයෝජකයන්ටද තමන්ගේ ආයෝජන කටයුතු ආරම්භ කරගත නොහැකි වී ඇත්තේ පෝර්ට් සිටියේ ආයෝජනවලට අදාළ වන නීතිමය රෙගුලාසි මෙතෙක් රජය අනුමත කර නොමැති නිසා බව දැන ගන්නට ඇත.

කොළඹ වරාය ආසන්නයේ හෙක්ටයාර් 269ක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති පෝර්ට් සිටිය චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආයෝජනයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *