යක්කු ගස් නගින ජාමේ සිදුවූ කෝටි ගණනක සම්පත් බැංකු වංචාව!

February 12, 2019 at 7:47 am | by admin

සම්පත් බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් එක් වී සිදුකර ඇති බව කියන මහා පරිමාණ මූල්‍ය වංචා සියල්ල සිදුව ඇත්තේ රාජකාරී වේලාවෙන් පසුව බව රහස් පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

එම බැංකුවේ නිලධාරීන් පිරිසක් කලක පටන් සිය ගිණුම් හිමියන්ගේ මුදල් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව කෝටි 8කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට සාක්ෂි සමූහයක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කැළුම් වීරසිංහ නමැති ආයුර්වේද වෛද්‍යවරයයකු රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම දැවැන්ත වංචාව අනාවරණය කරගත හැකි වී තිබේ.

මෙම වංචාව සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් කළමනාකරුවකු පමණක් වුව ද තවත් ඉහළ නිලධාරීන් පිරිසක් මීට සම්බන්ධ බව පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ අනාවරණය කළේය. එසේම මෙම වංචාවට සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ සම්පත් බැංකුව වංචාවට අදාළ නඩුව (B 19430/18) කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ කැඳවූ අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස