මෛත්‍රී මහින්ද හමුවෙයි! සන්ධාන අවසන් සාකච්ඡා ඇරඹෙයි!

February 7, 2019 at 7:59 am | by admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලනික සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කොළඹ ජනාධිපති නිල නිවසේදී ඊයේ (06) රාත්‍රීයේ පවත්වා ඇත. සන්ධාන සභාපතිත්වය මහින්ද රාජපක්ෂට ද නායකත්වය මෛත්‍රීපාල සිරිසේනට ද මහ ලේකම් ධුරය පොදුජන පෙරමුණට ද ලබා දීමට මීට පෙර යෝජනා වී තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, මහචාර්ය ජී.එල් පීරිස්, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩඩ්ලස් දේවානන්ද, වාසුදේව නානායක්කාර, ඒ.එච්.එම් අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායක පිරිසක් සහභාගි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස