මේ වසරේ 20%ක දැවැන්ත ආර්ථික වර්ධන වේගයක් අත්කරගන්න සූදානම්…! – කබ්රාල්…

March 10, 2021 at 11:54 pm | by emanisa.lk

මේ වසරේ දෙවැනි කාර්තුවේදී 20%ක පමණ අති දැවැන්ත ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීමට රජයට හැකිවනු ඇතැයි දැනට පුරෝකථනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.

“අද අපි විවිධ ක්‍රමවේද ඔස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 32ක පමණ මුදලක් මේ රටට ගලා එන්නට දැන් කටයුතු කරගෙන යනවා. අපේ මූලික අදහස වෙලා තියෙන්නෙ පෙර තිබිච්ච ක්‍රමයට ණය ගන්නවාට වඩා ණය නොවෙන විදේශ විනිමය ගලා ඒම් සාර්ථකව රටට ගෙන ඒමට කරන ක්‍රියාවලියක්.

මෙතනදි අපට සමහරක් අය කියලා තියෙනවා පොළී අනුපාතයයි රුපියලේ අගයයි දෙක ම එකට එකවර ඉලක්ක කරගන්න බැහැයි කියලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ කාලය තුළ අපි අවුරුදු නවයක් එවැනි කාර්යභාරයක යෙදිලා තියෙනවා, ඉතිං ඒ නිසා ඒක කළයුතු ආකාරය ගැනත් අපට හොඳ අවබෝධයක් තියෙනවා.

මේ අවුරුද්දෙ බොහෝ දෙනෙක් හිතාගෙන හිටියා අපට ආර්ථික වර්ධන වේගයක් ලබාගන්න බැහැයි කියලා. පළවෙනි කාර්තුවෙදි මම ඉතාමත්ම වගකීමෙන් කියනවා 3.5%ක වර්ධන වේගයක් අපට ඇති කරගන්න පුළුවන් වෙයි. දෙවැනි කාර්තුව සඳහා 20%ක පමණ දැවැන්ත වර්ධන වේගයක් අපට ලබාගන්න පුළුවන් වෙයි කියලා තමයි දැනට පුරෝකථනය කරලා තියෙන්නෙ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස