මේ රටට වැඩක් කරන හැම මිනිහට ම හොරා කියනවා..! – සාගර…

November 18, 2022 at 6:55 am | by emanisa.lk

දිග සුදු නැට්ටක් තියෙන කුරුල්ලා සුදු සුදුරෙදි හොරා ලෙසත් කහපාට පිහාටු තිබෙන කුරුල්ලා සිවුරුහොරා ලෙසත් හඳුන්වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම්  නීතිඥ සාගර කාරියවසම් පවසයි.

එමගින් මේ රටේ මිනිස්සු හොරා කියන වචනය කොච්චර නිකරුණේ පාවිච්චි කරනවද කියන එක නොවේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) හෙතෙම මේ බව කීය.

මේ රටේ හොඳින් වැඩ කරන සෑම නායකයකුම අද හඳුන්වන්නේ හොරා කියන  වචනයෙන් බව ද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *