මුතු රාජා දැන් තායි රටේ ජනප්‍රියම ඇතා…! ආපසු ලංකාවට දෙන්නේ නෑ…! – තායි පරිසර ඇමැති…

July 5, 2023 at 6:58 pm | by emanisa.lk

මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා පවසයි.

වසර 22 කට පසුව තායිලන්තයට පැමිණිමෙන් පසු නව පරිසරයට ඉක්මණින් හුරු වූ බවත් මුතු රාජා තායිලන්තයේ සිටින ජනප්‍රියම ඇතා බවට පත්වී අවසන් බවත් හෙතෙම පවසා තිබේ.

මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා දෙන්නේද යන ප්‍රශ්නයට ඉඩක් නොමැති බව වරවුත් සිල්පා අර්චා ප්‍රකාශ කර ඇත.

බැංකොක් නුවර සිටින ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ භික්ෂුවකගේ දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *