මීවනපලානේ චීවරධාරියාට එරෙහිව වහා පියවර ගන්න..! – මහනාහිමිවරු ජනපතිට ලියති..

March 6, 2024 at 11:58 am | by emanisa.lk

මීවනපලානේ සිරිධම්මාලංකාර අරියතුන් වහන්සේ නමින් පෙනී සිටින භික්ෂු ප්‍රතිරූපකයා විසින් සිදුකරන ශාසන විනාශය හා නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බව ත්‍රෛනිකායික මහනාහිමිවරු පවසති.

ඒ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසන්නේ මීවනපලානේ සිරිධම්මාලංකාර අරියතුන් වහන්සේ නමින් පෙනී සිටින භික්ෂු ප්‍රතිරූපකයා සාමණේර භික්ෂු ලියාපදිංචිය ද අවලංගු කර සිය නිකාය පාර්ශ්වයෙන් නෙරපා හැර ඇති අයෙකු බවයි.

ඔහු තවදුරටත් භික්ෂුවක් ලෙස පෙනී සිටීම හේතුවෙන් නීති විරෝධී ක්‍රියාවකට වරදකරු වන බවයි, ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පෙන්වා දෙන්නේ.

බුදු රාජානන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බවට ප්‍රචාරයක් දියත් කිරීම පිටුපස ද මෙම භික්ෂු ප්‍රතිරූපකයා සිටින බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *