මැති ඇමැතිවරු ඇන්ටිජන් පරීක්ෂණයට බිය වෙති…! ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුව මගහැර සැඟවෙති…!

October 25, 2021 at 9:57 pm | by emanisa.lk

පසුගිය ඉරිදා දිනයේ (24) ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සැලකිය යුතු මන්ත්‍රී පිරිස් නොපැමිණ ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට ප්‍රථම සියලු ම මැති ඇමැතිවරුන්ට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවට පණිවුඩයක් යොමු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පියවර ගෙන තිබේ.

බොහෝ දෙනෙක් ඊට පෙනී සිටීම සඳහා බියෙන් මෙම හමුව වර්ජනය ‌කොට ඇති බව දැන ගන්නට තිබේ.

ඒ අනුව මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටියේ මැති ඇමැතිවරුන් 108 දෙනෙක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *