මාලි ප්‍රහාරයෙන් මිය ගිය සෙබළ සිරුරු 02 වෙනිදා ලංකාවට!

January 30, 2019 at 9:41 am | by admin

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරියේ යෙදී සිටියදී ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් පෙබරවාරි 02 දා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට එදින පස්වරු 3.10ට දේහයන් ගෙන ඒමට නියමිත අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මහතා විසින් භාර ගැනීමට නියමිතය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් මිය ගිය හමුදා නිලධාරීන් දෙදෙනාගේ පවුලේ උදවිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා නිලධාරීන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් එක් වීමට නියමිතව තිබේ.

25දා සිදුවූ මෙම ප්‍රහාරයෙන් එවකට කපිතාන් ධුරයේ සිට පසුව මේජර් ධුරයට උසස් කළ මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම මහතා සාජන් එස්.එස්. විජේවික්‍රම ජීවිතක්ෂයට පත්විය.

ඔවුන්ගේ දේහයන් සහිත පෙට්ටියන් මුලින්ම ඒක්සත් ජාතීන්ගේ කොඩියෙන් හා පසුව ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් අවරණය කරනු ඇත. දේහයන් යුද හමුදා ආචාර මැද භාර ගැනිමට නියමිතව තිබේ. දේහයන් පසුව ඔවුන්ගේ ගම් වන පොළොන්නරුවට හා පොල්පිතිගමට රැගෙන යෑමට නියමිතය අතර ඒහිදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *