මාලිමා වේදිකාවට නැග්ග හමුදා නිලධාරියා අසාධු ලේඛනයට…! සියලු වරප්‍රසාද අහිමියි…!

March 15, 2023 at 6:24 pm | by emanisa.lk

දේශපාලනය කිරීම සහ ඊට අදාළව අදහස් පළකිරීම හේතුවෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තාගේ සියලු වරප්‍රසාධ අවලංගු කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් හමුදා කඳවුරුවලට ඇතුළු වීම සහ විශ්‍රාමික නිලධාරියෙකුට ගුවන් හමුදාවෙන් ලැබිය යුතු සියලු පහසුකම් ලබා ගැනීම ද ඔහුට අහිමි කර ඇති බවයි, එම වාර්තාවල දැක්වෙන්නේ. පසුගිය 10දා සිට මෙසේ ඔහුගේ නම අසාදුලේඛනගත කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලිකර ඇති ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ද අදාළ කාරණය සනාථ කළ බව මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

ජාතික ජනබලවේගයේ දේශපාලන වේදිකාවකදී කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම අසාදු ලේඛනගත කිරීම සිදුකළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ශ්‍රී ලංකා හමුදාව මේ වන විට ජාතික ජන බලවේගය සමග එකතු වී අවසන් බව ඔහු එහි දී ප්‍රකාශ කොට තිබිණි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *