මාමාගේ සිංගප්පූරු හීනේ බෑනා හැබෑ කළා..! දැන් ලංකාවේ ලයිට් බිල සිංගප්පූරුවට සමානයි..! – ගම්මන්පිල..

October 30, 2023 at 8:57 am | by emanisa.lk

ආණ්ඩුව අනෙක් දේවල් කෙසේ වෙතත් විදුලි බිලෙන් නම් රට සිංගප්පූරුවට සම කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. ඒ අනුව ජේ.ආර්. මාමාගේ සිංගප්පූරු සිහිනයන බෑනා සැබෑ කොට ඇති බවයි, ඔහු පවසන්නේ.

මේ වන විට සිංගප්පූරුවේ කර්මාන්තශාලාවල විදුලි බිලට සමාන විදුලි බිලක් ලංකාවේ අයකරන තත්ත්වයක් උදාවී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

”ආණ්ඩුව ඩොලර් නෑ නෑ කියලා, අපනයන වැඩි කරන්න ඕනේ කියලා කර්මාන්තවල විදුලි පිරිවැය ඉහළ නංවලා. එහෙම කළාම කොහොමද අපේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළේ තරඟ කරන්නේ.

එවැනි පසුබිමක් තුළ ලංකාවේ අපනයන ආර්ථිකය දිගින් දිගටම කඩා වැටේවී. එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.

මේ විදිහට විදුලි බිල නැංවූයේ ඩීසල් මාෆියාවට අදාල දූෂණ වළල්ල හින්දා. ඩීසල්වලින් විදුලි උත්පාදනය හැමෝටම කොමිස් කුට්ටි ලැබෙන වැඩක් වෙලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *