මානව හිමිකම් කොමිසමේ නිවේදනය බොරුවක්…! විදුලි කප්පාදුව අත්හිටුවන්න එකඟ වූයේ නෑ…! – ලංවීම සභාපති…

January 26, 2023 at 3:55 pm | by emanisa.lk

විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසයි.

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට නම් ඉන්ධන මිල දී ගැනීමට රුපියල් කෝටි 410 ක් අවශ්‍ය බව කී සභාපතිවරයා, තමන් විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ යැයි ප්‍රකාශ නොකළ බව ද සඳහන් කළේය.

විභාගය පැවැත්වෙන දහවල් කාලයේ විදුලි කප්පාදු නොකළ අතර කිසියම් ප්‍රදේශයකට විදුලි විසන්ධි වූයේ නම් එය වෙනත් දෝෂයක් බව කී නලින්ද ඉලංගකෝන්, රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *