මාධ්‍ය ආයතන ඉදිරියේ විරෝධතා පෑ අය එජාපය විවේචනය වැරදියි. – ජයම්පති වික්‍රමරත්න

January 24, 2019 at 11:44 am | by admin

මාධ්‍ය ආයතන ඉදිරියට ගොස් විරෝධතා දැක්වූ පිරිස එජාප පිරිසක් විසින් විවේචනය කිරීම ගැන තමන් කනගාටු වන්නේ යැයි එක්සත් වාමාංශික පෙරමුණේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

“රාජ්‍ය මාධ්‍යයට හා පෞද්ගලික මාධ්‍යයටත් යුතුකමක් තිබෙනවා සාධාරණ ලෙස වාර්තා කිරීමට. සංඛ්‍යාත කියන්නේ මහජන දේපළක්. පිරිසක් මාධ්‍ය ආයතන ඉදිරිපිටට ගොස් කරපු විරෝධතා පිළිබඳ එජාප පිරිසක් විසින් එම විරෝධතාකරුවන් විවේචනය කිරීම ගැන අපි කනගාටු වෙනවා. මාධ්‍ය නිදහසට බාධා නොකොට විරෝධතා දැක්වීමේ අයිතිය තිබිය යුතුයි.”

“සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එන්නෙ නැත්නම් තිබෙන ව්‍යවස්ථාවට සංශෝධන ගේනවට අපි විරුද්ධ නැහැ. ඒ නිසා තමයි ජවිපෙ ගෙනාව 20 සංශෝධනයට අපි සහාය දුන්නෙ. එම 20 වැනි සංශෝධනය විවාදයට ගන්න කියලා අපි ජවිපෙට යෝජනා කරනවා” යැයි ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස