මාකඳුරේ මදූෂ් ලංකාවට ගේන්නේ නෑ!

February 6, 2019 at 12:15 pm | by admin

ඩුබායිහි දී අත්අඩංගුවට පත් කුප්‍රකට පතාළ නායක මාකඳුරේ මදූෂ්ට එරෙහිව ඩුබායිහිදී නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. කිසියම් අපරාධකරුවකු අත්අඩංගුවට ගත් රටේ අධිකරණය ඔහුට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයි අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඩුබායි ආරක්ෂක අංශ සමග එකතු වී පාතාළ නායකයා අත්අඩංගුවට ගත් ආකාරයට උදයංග වීරතුංග, අර්ජුන් මහේන්ද්‍රන් සහ ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒමට කටයුතු නොකරන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විමසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස හෙතෙම එම අදහස් ප්‍රකාශ කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවකු ලෙස සැලකෙන ප්‍රකට ගායක අමල් පෙරේරා ද එහි දී අත්අඩංගුවට පත් වූ අතර ප්‍රබල ඇමතිවරයකුගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හිමි පෞද්ගලික ලේකම්වරයකු ද ඒ අතර වන බව පැවසෙයි. කෙසේ වුවද 2009 සැප්තැම්බර් මස මැලේසියාවේ දී අත්අඩංගුවට පත් එවක ජාත්‍යන්තර කොටි ජාලය මෙහෙය වූ කේ.පී. ලංකාවට ගෙන ඒමට එවක රජය කටයුතු කළ අතර පසුව ඔහු රජයේ සාක්ෂිකරුවකු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස