මම හොරකම් වංචා කරලා.. බැංකු කඩලා නෑ…! අප්පච්චිගේ වැදගත්කම නිසා මිනිස්සු මට ගැහුවේ නෑ…! – උදිත ලොකුබණ්ඩාර…

April 17, 2023 at 9:43 am | by emanisa.lk

සිය අප්පච්චිලා බලු විදිහට දේශපාලනය කළේ නම් තමන්ට ද ගුටි කෑමට සිදු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර පවසයි.

තමන්ට ජනතාව ඉදිරියට ගොස් ඡන්දය ඉල්ලා සිටිය හැකි ආකාරයට තම පියා ඇතුළු ඥාතීන් දේශපාලනය කර ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.

බැංකු කැඩූ හොරකම් කළ වංචනිකයින්ගේ සනුහරේ කිසිවෙකුට දැන් රටේ දේශපාලනය කළ නොහැකි බව ද උදිත ලොකුබණ්ඩාර සඳහන් කරයි.

තමා බැංකු කඩා හොරකම් කොට නොමැති බවත් එසේ කළේ නම් තමන්ගේ දරුවෙකුටවත් ඉදිරියේ දී දේශපාලනය කළ නොහැකි වන බවත් ඔහු කීය.

මේ වන විට රටේ සියලු පක්ෂ අසමත් වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැතිවරණයක දී කිසිදු අභියෝගයක් නොමැති බවත් උදිත ලොකුබණ්ඩාර පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස