මම දේශනා කළේ සැබෑ දේව වචනය…! හිත රිදුණා නම් සොරි…! – ජෙරම් ප්‍රනාන්දු…

May 22, 2023 at 9:23 am | by emanisa.lk

තම ප්‍රකාශය හේතුවෙන් බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ජනතාවගේ සිත් රිදීමක් සිදු වුණේ නම් ඊට සමාව අයැද සිටින බව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පවසයි.

මිරිහාන ප්‍රදේශයේ ඊයේ (21) පැවැති දේව මෙහෙයක් සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

“මම නැවතත් නිවෙසට එනවා. දැන් අපේ නීතිඥවරුන් මට එන්න අවශ්‍ය පහසුකම් සකසමින් සිටිනවා.

මම එදා දේශනා කළේ සැබෑ දේව වචනය. මම කිසි ම ආකාරයකින් වරදක් කරලා නෑ. එම ප්‍රකාශයෙන් යම් සිත් රිදවීමක් වුණා නම් මම ඔබෙන් සහ ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගෙන් නිහතමානීව සමාව ඉල්ලනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස