මම ජනාධිපති වෙලා පුංචි ඡන්දේ තියනවා…! – සජිත්…

May 17, 2023 at 10:10 am | by emanisa.lk

රජය හිතන හිතන වෙලාවට, හිතන හිතන ආකාරයට තමන්ගේ කාල සටහන්වලට සුදුසුවන පරිදි මැතිවරණ සිතියම් නිර්මාණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බවත් මැතිවරණ සිතියම ජනාධිපතිවරයාගේ හෝ ඔහුට සහාය ලබා දෙන අයගේ අභිමතය පරිදි සකස් කිරීම වැරදි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නමුත් රජය ගෙන ඒමට සූදානම්, නියමිත කාලයට ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයක් ලෙස පූර්ණ සහාය ලබා දෙන බවත් එය ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය අණපනත් රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ජනාධිපතිවරණ අභියෝගය බාර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (15) විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවකට එක් වූ අවස්ථාවේ දී ය.

එසේ ම විපක්ෂයේ සියලු දේශපාලන බලවේග උපයෝගී කර ගෙන ජාතික ප්‍රතිපත්ති, ජාතික දර්ශනය මත කේන්ද්‍රගත වූ ගමනකට සූදානම් බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පත්තරවල සමාජමාධ්‍යවල විවිධ ප්‍රවෘත්ති සකස් නොකර ජනාධිපතිවරණය හරියට පවත්වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ය.

තව ද එම ජනාධිපතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු යටතේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් හකුලා ගත් පළාත් පාලන මැතිවරණ පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරක්ෂිත කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස