මම කියන්නේ පරම සත්‍යය…! නෂීඩ් තමයි දැන් බොරු කියන්නේ…! – හර්ෂ…

June 15, 2022 at 2:26 pm | by emanisa.lk

හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් දැන් ප්‍රකාශ කරන කරුණු සත්‍යයෙන් තොර බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

“මා මිත්‍ර හිටපු ජනාධිපති මොහාමඩ් නෂීඩ් එක්ක මගේ කිසිම අමනාපයක් නෑ. නමුත් ඔහු සමග සති කිහිපයකට කලින් කළ සාකච්ඡාවක් උපුටා දක්වමින් මා සිදු කළ ප්‍රකාශය වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඒ කොහොම වුණත් බොහෝ රටවල් ශ්‍රී ලංකාවට උදව් කරන්න සූදානමින් සිටින බවට ඔහු තුළ පවතින විශ්වාසය කෙරෙහි මම සතුටු වෙනවා.”

ශ්‍රී ලංකාවට අර්බුදයෙන් ගොඩඒමට කිසිදු සැලසුමක් නොමැති බවත් එහෙයින් කිසිදු රටක් ලංකාවට උදව් කිරීමට ඉදිරිපත් නොවනු ඇති බවත් මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි හර්ෂ ද සිල්වා පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වුව ද මාලදිවයින් ජනාධිපතිවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර බොහෝ රටවල් ලංකාවට උදව් කිරීමට සූදානමින් සිටින බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *