මෙරට මද්‍යසාර නිෂ්පාදනය 2023 වසරේ පළමු මාස නමයේ දී ලීටර මිලියන 27 දක්වා සියයට 13.4කින් අඩුවී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.
2022 වර්ෂයේ මෙම කාලසීමාවේ දී මෙරට මද්‍යසාර නිෂ්පාදනය ලීටර මිලියන 31.2ක් වූ අතර එයට සාපේක්ෂව මද්‍යසාර නිෂ්පාදනය 2023 වසරේ මුල් මාස නමයේ දී සියයට 13.4කින් අඩු වී තිබේ.
සුරාබදු ආදායම ද 2022 වසරේ පළමු මාස නමයට සාපේක්ෂව රුපියල් බිලියන 124 දක්වා සියයට 0.4කින් සුළු වශයෙන් අඩු වී ඇති බව ද එහි සඳහන් වෙයි. 2022 වසරේ පළමු මාස නමයේ දී මෙරට සුරාබදු ආදායම රුපියල් බිලියන 124.6ක් විය.
මේ අතර මද්‍යසාර බදු ඉහළ නැංවීම සමග නීති විරෝධී මද්‍යසාර නිෂ්පාදනය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර ආණ්ඩුවේ බදු ආදායම් පහත වැටීමට එය ද හේතුවක් වී තිබේ.